Monday, September 21, 2020

Unselfish Trees

මහා රූස්ස ගස් පවා
කපා බිමහෙලා
කොටන්වලට පටවද්දීත්
දළුලා යලි නැගිටින්නෙ 
මිනිසාට හුස්ම දෙන්න
කොයිතරම්නම් පරාථකාමී
ගස්ද
මොනතරම් ආත්මාර්ථකාමී
මිනිසුන්ද

Saturday, September 6, 2014

3D printing (ත්‍රිමාන මුද්‍රනය)

3D printing (ත්‍රිමාන මුද්‍රනය)

කලකට පෙර ප්‍රචලිත වූ ත්‍රිමාන සජීවී කරනය සේම මෑතකදී පැමිනි ත්‍රිමාන දර්ශන ලබාගත හැකි රූපවාහිනී යන්ත්‍ර හරහා අපට වඩාත් සමීප වූ ත්‍රිමාන තාක්ෂනයන් අතරින් අපට වඩාත් සමීප නොවුනු ක්ෂේත්‍රයක් තමයි ත්‍රිමාන මුද්‍රනය හා ත්‍රිමාන පෑන.
නමුත් වඩාත් ප්‍රයෝජනවත් මේ ක්ෂේත්‍ර දෙක කතා බහට ලක් නොවන තරම්.



 

 

 

 

 

 

 

ත්‍රිමාන මුද්‍රනය මම මුලින්ම දැක්කේ ටෙක්කතා(www.techkatha.com) එක මගින් සන්විධානය කරපු වැඩ සටහනක දී. දැනට වසර කිහිපයකට කලින් මම එක්තරා තරගයකට ඉදිරිපත් කරපු නිර්මානයක සැලැස්ම ඇත්තටම වැඩ කරනවද කියල බලන්න එක හදන්නම උනා නමුත් අවසානයේ එ සැලසුම් කරපු නිර්මානය අසාර්තක වෙනකොට එකට යම් මුදලක් සහ විශාල මහන්සියක් වැය කරල ඉවරයි. එදා මම මේ ත්‍රිමාන මුද්‍රන යන්ත්‍රය භාවිතා කලනම් මම කලින්ම දැනගන්නව ඒ නිර්මානය අසාර්තක වෙන බව. කමක් නෑ ඒවා පරන කතානේ.

 හරි දැන් අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියල.........

ත්‍රිමාන මුද්‍රනය සඳහාම නිශ්පාදනය කරපු විශේෂ මුද්‍රන යන්ත්‍රයකින් තමයි මෙකේ මුද්‍රන කට යුත්ත කරගන්නේ අපිට නම් ඔක සල්ලි වලට ගන්න බෑ ගන්න ඔනෙත් නෑ ඔක මුද්‍රන යන්ත්‍රයක් තියෙන ආයතන වලින් තමයි අපිට කරගන්න වෙන්නේ. මම දන්න විදිහට ලංකාවෙත් ඒ වාගෙ ආයතන තියෙනව.

මුලින්ම හදන්න යන ත්‍රිමාන නිර්මානයේ සැලැස්ම ඔටෝකැඩ් වගේ සැලසුම් නිර්මානය කරන මෘදුකාංගයක් මගින් ඇඳගන්න ඔනේ ඊට පස්සෙ මෙ යන්ත්‍රය මගින් අපිට ත්‍රිමාන රූපයක් හදා ගන්න පුලුවන්
මෙකෙ තියෙන නොසලය මගින් නයිලෝන් නූලක් උනු කරන අතර ඉන් පසු එම නයිලෝන් තට්ටු මත තට්ටු  පිහිටවන ලෙස (ස්තර ආකරයෙන්) යොදා අපට අවශ්‍ය නිර්මානය සිදු කරයි.
පහල තියෙන වීඩියෝවත් බලන්නකෝ










මේ තාක්ශනය භාවිතා කරල නිර්මානය කරපු නිර්මාන කිහිපයක රූප රාමු පහලින් මම දානව ඔයාල ඒ ටිකත් බලලම තීරනය කරන්නකෝ මේක් කොච්චර ප්‍රයෝජනවත්ද කියල. තවත් විස්තර ගොඩක් තියෙනව මෙක ගැන ඔයාලත් තව ටිකක් හොයල බලන්නකෝ ...................








යන්න කලින් කියන්න ඔනෙ මම මෙ බ්ලොග් කෙරුවාවට පුරුදු කාරයෙක් නෙවේ. ඉතින් ඔයාල මෙක බලල මෙකෙ හොඳ නරක කියන තරමට මට ඉස්සරහට මීටත් වඩා හොඳ ලිපි ලියන්න පුලුවන් අනික මට ලොකු උදව්වක් වෙනව.......
ඉතින් යන්න කලින් ඔයාලගෙ අදහස ලියල තියල යන්න .........